Monday, May 6, 2024

General line - 0115112241

වසර දෙකකට පසු සංචාරකයින්ට  ඔස්ට්‍රේලියාව දොර අරී




ජාත්‍යන්තර සංචාරකයින් සදහා යළි සිය දේශසීමා සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට ඔස්ට්‍රේලියාව  තීරණය කර තිබෙනවා. 

ඒ, වසර දෙකකට පසු ප්‍රථම වරටයි. 

ඒ අනුව කොවිඩ් ව්‍යාප්තියත් සමග වැඩි කර තිබූ සංචාරක සීමා ලිහිල් කරමින් පෙබරවාරි 21 වනදා සිට යළි රට විවෘත කිරීමටයි තීරණය කර ඇත්තේ. 

කෙසේවෙතත් මෙලෙස ඔස්ට්‍රේලියාව  විවෘත වන්නේ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා දෙක සම්පූර්ණ කර ඇති විදේශිකයින්ට පමණයි. 

ඔස්ට්‍රේලියාව  යනු කොවිඩ් මධ්‍යයේ දැඩි සීමා පැනවූ රටක්. විදෙස් සංචාරකයින් සදහා ඔස්ට්‍රේලියාව වසා දැමුණේ 2020 වසරේ මාර්තු මාසයේ සිටයි. සිය රට වැසියන්ටද විදෙස් රටවලට සංචාරය කිරීම තහනම් කෙරෙන්නේ ද මේ යටතේයි. 

කෙසේවෙතත් ඉකුත් දෙසැම්බර් මාසයේ සිට තෝරාගත් විදෙස්ගත සිසුන්ට හා පුහුණු ශ්‍රමිකයින්ට සිය රටට ඇතුල්වීමට ඔවුන් අවසර ලබාදුන්නා. ඔස්ට්‍රේලියාවේ  ජනගහණයෙන් සියයට 80 ක් මේ වනවිටත් පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන්.