Tuesday, May 7, 2024

General line - 0115112241

අද විදුලි කප්පාදුවක් නැතැයි සහතිකයක්




අද දිනයේ කිසිදු විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇතැයි මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. 

එහි සභාපති ජනක රත්නායක නෙත් නිවුස් වෙත තහවුරු කළේ විදුලි කප්පාදුවක් සදහා ලංකා විදුලිබල මණ්ඩලයෙන් මේ දක්වා ඉල්ලීමක් හෝ ලැබී නොමැති බවයි. 

කෙසේවෙතත් බලාගාර කිහිපයක මේ වනවිට ඉන්ධන අඩුවෙමින් ඇති බවයි වෘත්තීය සමිති පවසන්නේ. 

ඔවුන් සදහන් කළේ අඛණ්ඩ විදුලි සැපයුම තවමත් ඇත්තේ අර්බුදයක බවයි. 

මේ, ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල්.

ගෙවුණු සති අන්තයේ මෙරට ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,370 ක සාමාන්‍ය අගයක පැවතුනා. සති අන්තයේ එසේ වුවද සතියේ වැඩ කරන දිනයක් වන අද දිනයේ විදුලි ඉල්ලුම උපරිම මට්ටමකට ළගාවීම ඉකුත් සති කිහිපයේ දැකගත හැකි වූ සාමාන්‍ය කරුණක්. 

ඉකුත් සදුදා දිනයේ ද මෙරට ජාතික විදුලි ඉල්ලුම මෙගාවොට් 2,700 සීමාවට පැමිණියා. අද දිනයේද මෙගාවොට් 2,750 ක පමණ විදුලි පරිභෝජනයක් සිදුවුවහොත් විදුලි කප්පාදුවක් සිදුවනු ඇති බවටයි අදහස් පළ වුණේ.