Thursday, May 16, 2024

General line - 0115112241

භාරතයේ ගීත කෝකිලාවගේ ජිවිතයේ ඔබ නොදත් දේ




ඉන්දීය ගීත කෝකිලාවිය වූ ලතා  මංගේෂ්කාර් පසුගියදා සිය දිවිගමනට සමුදුන්නා. භාරතයේ ගීත කෝකිලාවිය ලෙස ඇයව හඳුන්වනු ලැබු අතර ඇගේ වත්කම් ඉන්දීය රුපියල් කෝටි 373ක් බව හෙළි වී ඇත. ඇය ගායනා කළ ගීතවලින් මසකට ඉන්දීය රුපියල් කෝටි 6ක් බැගින් ලැබෙනවා.

එසේම පවුල් 10කට ජීවත් විය හැකි විශාල නිවසක් ද ඇය සතුව තිබෙන අතර එම නිවස මුම්බායිහි පිහිටා තිබේ. මෙයට අමතරව ක‍්‍රයිස්ලර්, බියුක් චවලට් වර්ගයේ මෝටර් රථ කීපයක් ද ඇය සතුවේ. 

වීර්සරා චිත‍්‍රපටයේ ගීයක් අතිශයින්ම ජනප‍්‍රිය තාවයට පත්වීම නිසා අධ්‍යක්‍ෂ යාෂ් චොප්රා ඇයට මර්සිඞීස් බෙන්ස් රියක් තෑගි කර ඇත. මුලින්ම ඇයට ගීතයක් සඳහා ගෙවා ඇත්තේ ඉන්දීය රුපියල් විසිපහකි. 

ඇය රාජ් සිං නැමැති තරුණයකු සමග පෙම් සබඳතාවයක් පවත්වා ගෙන ගියත් දෑවැද්ද මත ඇති වූ ප‍්‍රශ්නයක් නිසා එය කඩා කප්පල් වී ඇත. කුඩා කාලයේදී සිය පියාගේ අභාවයෙන් පසුව තම මවට පවුල නඩත්තු කිරීම වෙනුවෙන් රැකියාවන් වල නිරතවු බව සඳහන්.

Nasreen Munni Kabir විසින් 2009 වර්ෂයේදී රචිත ලතා මංගේෂ්කාර් ගේ චරිතාපදාන ග්‍රන්ථයේදී සඳහන් කර තිබුනේ ජීවත්වීම වෙනුවෙන් වෙහෙස නොබලා තමන් පැය ගණන් කැපවී කටයුතු කළ බවයි.