Friday, May 17, 2024

General line - 0115112241

කුඩුත් එක්ක "පුසී" STF අත්අඩංගුවට




රුපියල් කෝටි එක හමාරකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් 64 ක් සමඟ 40 හැවිරිදි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කළුබෝවිල, රෝහල පාර, අංක 89 න් 2 දරණ නිවස ආසන්නයේ සිදුකළ වැටලීමකදීයි. 

“පූසි” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම කාන්තාවගේ සැමියා ද මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධ අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පැවසුවේ සැකකාර කාන්තාව වැඩිදුර විමර්ශණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්්‍යංශය වෙත භාරදී ඇති බවයි.