Friday, May 17, 2024

General line - 0115112241

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි 




පොල් සංවර්ධන අධිකාරියේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ, එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. 

ඒ, රාගම වෛද්‍ය පීඨයේ ඉකුත් දා ඇතිවූ ගැටුමට පොල් සංවර්ධන අධිකාරියේ නම ද ඈඳී තිබීම හේතුවෙන්. සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු නෙත් නිවුස් වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි. 

රාගම වෛද්‍ය පීඨයේ ගැටුමට සම්බන්ධ බවට චෝදනා එල්ල වී සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පිරිසක් පොල් සංවර්ධන අධිකාරියේ මෝටර් රථයකින් එම ස්ථානයට පැමිණි බවට චෝදනා එල්ල වුණා.