Thursday, May 16, 2024

General line - 0115112241

බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධියෙන් මුනි නමැත්තා නිදහස්




බොරැල්ල සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි එම දෙවස්ථානයේ සේවකයෙකු වන සෙල්වතුරෙයි ෆ්රැන්සිස් මුනීන්ද්‍රන් හෙවත් මුනි නමැත්තා මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 

ඒ, නීතිපති උපදෙස් ප්‍රකාරවයි. එම සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරුණා.