Thursday, May 16, 2024

General line - 0115112241

වැඩවර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක කටයුතුවලට බාධා




සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලන ආරම්භ කළ වැඩවර්ජනය අද හතරවන දිනයටත් ක්‍රියාත්මක වනවා. 

මේ හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර රෝගීන් අද දිනයේද දැඩි අපහසුතාවන්ට ලක්වු බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

මේ, ගාල්ල, කරාපිටිය ශීක්‍ෂණ රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවකට එක් වූ නෙත් නිවුස් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් ගෙන එන වාර්තාවක්.

බදුල්ල මහ රෝහල ඇතුළු බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් රැසක කටයුතුවලටද බාධා එල්ලවීම හේතුවෙන් රෝගීන් දැඩි අසීරුතාවන්ට ලක්ව ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පාලිත ආරියවංශ පැවසුවා.

මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද විවිධ අදහස් පළ වුණා. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසයි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ලද එම සංවාදයට එක් වුණා.