Thursday, May 16, 2024

General line - 0115112241

මිථ්‍යාව නිසා අහිංසක දරුවෙකු මියයයි 




අසනීප වූ දරුවකු රෝහලට රැගෙන නොගොස් මිය යන තෙක්ම යාඥා කරමින් නිවසේ තබාගෙන සිටි බව කියන දරුවාගේ දෙමාපියන් සහ මිත්තණිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ බඩල්ගම ආඩිමුල්ල ප්‍රදේශයේදීයි.

ප‍්‍රදේශයේ හමා ගිය දුර්ගන්ධයක් හේතුවෙන් නිවස පරීක්ෂා කිරීමේදී සිරුර සොයාගෙන තිබෙනවා. 

උගුරේ සෙම සිරවීමෙන් අසනීපවූ දරුවා සුවකරගැනීමට දෙමාපියන් යාඥා කරමින් සිටින අතරතුර දරුවා මියගොස් තිබෙනවා.

දරුවාගේ ප‍්‍රාණය නැවත ලබාගැනීමට දෙමාපියන් නොකඩවා යාඥා කළත් දරුවා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කර නොමැති බව පොලීසිය පවසනවා.