Friday, May 17, 2024

General line - 0115112241

රටේ විදේශ විනිමය ගැන මාසයකට වරක් පාර්ලිමේන්තුව දැනුවත් කරන්න - හිටපු අගමැති රනිල් ඉල්ලයි 




රටේ විදේශ විනිමය තත්ත්වය සම්බන්ධයෙන් මාසයකට වරක් පාර්ලිමේන්තුව දැනුවත් කරන්නැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අද ඉල්ලීමක් කළා.

සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වූවා.

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා. 

කෙසේවෙතත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ මැතිවරණයකට ඕනෑම මොහොතක සූදානම් බවයි.

මේ අතර පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් යළි පත් කර තිබෙනවා. 

මේ අතර රජයේ මුදල් පිළිබද කාරක සභාවේ සභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා තෝරා පත් කර ගැණුනා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරයට පත් කර ගැණුනු බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කළේ.