Tuesday, May 7, 2024

General line - 0115112241

අත්වැරදීමෙන් දුරස්ථ පාලකයේ බැටරිය ගිලුණු දරුවා (PHOTOS)




නිවසේ රුපවාහිනියේ දුරස්ථ පාලකයට යොදා තිබු බැටරියක් අත්වැරදීමකින් ගිලුණු ලැබූ සිව් හැවිරිදි දරුවෙකුගේ දිවි බේරා ගැනීමට වෛද්‍යවරුන් පිරිසක් සමත්ව තිබෙනවා.

ඉන්දියාවේ, චෙන්නායි ප්‍රාන්තයේ වෙසෙන සිව් හැවිරිදි දරුවෙකු තමාට දුරස්ථ පාලකයට යොදා තිබු බැටරිය ගිලුණු බව සිය දෙමව්පියන්ට පැවසීමෙන් අනතුරුව ඔවුන් විසින් වහාම දරුවා රෝහල් ගත කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කර සිටියේ.

ඒ අනුව වෛද්‍යවරුන් විසින් දරුවාගේ සිදුකළ X - කිරණ පරික්ෂාවේදී ඔහුගේ ආහාර මාර්ගයේ රැඳී තිබෙන බැටරිය නිරීක්ෂණය කර ඇති අතර පසුව එය ඉවත් කිරිමට නවීන තාක්ෂණික ක්‍රමවේදයක් එන්ඩොස්කෝපි ශල්‍යකර්මයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ආමාශයෙන් නිකුත් වන ආම්ලික ද්‍රව්‍ය සමග බැටරියේ ඇති ආම්ලික ඇසිඩ් වර්ග ප්‍රතික්‍රියා කිරීමේ අවදානමක් පැවති පසුබිමක වෛද්‍යවරුන් විසින් ඉතා සුක්ෂම ලෙස මෙම ශල්‍යකර්මය සිදුකොට දරුවාගේ ආහාර මාර්ගයේ රැඳී තිබු බැටරිය ඉවත් කර ගැනීමට සමත්ව ඇත.

ඒ වන විට දරුවාට බැටරිය ගිලි පැය 14ක කාලයක් ගතවී තිබු බව පවසන වෛද්‍යවරුන්, සැත්කමෙන් පසු දරුවා සුවයෙන් පසුවන බව සඳහන් කර සිටියා.