Tuesday, May 7, 2024

General line - 0115112241

රුසියාවට ප්‍රතිචාර දැක්වීමට සූදානම් - අමෙරිකානු ජනපති කියයි




රුසියාවට යුරෝපය තුළ යුද්ධයක් අවශ්‍ය නොවන බව ජනාධිපති ව්ලැදිමිර් පුටින් පවසනවා. ඒ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සමග පැවති එකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක් වෙමින්. කෙසේවෙතත් රුසියානු ජනාධිපතිවරයා සඳහන් කළේ කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ලෙස අවධානය යොමු කළ යුතුව ඇති බවයි. 

මේ අතර යුක්‍රේනය තුළ රුසියානු ආක්‍රමණයක් සිදුවිමේ ඉඩකඩ තවමත් පවතින බවයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ජාතිය අමතමින් කියා සිටියේ. අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ රුසියාව එවැනි ආක්‍රමණයක් කළ හොත් තිරණාත්මක ප්‍රතිචාරයක් දැක්වීමට ඇමරිකාව ද සූදානම් බවයි.

මේ අතර යුක්රේන ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවිය සහ ත්‍රිවිධ හමුදා වෙබ් අඩවි මෙන්ම රාජ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සයිබර් ප්‍රහාර රුසියාව එල්ල කරන්නට ඇතැයි සැක පළ කරන බව එම විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වුණේ.