Friday, May 17, 2024

General line - 0115112241

ගිනස් වාර්තාවට හිමිකම් කියන ලොව උසම යෞවනයා  (PHOTOS)




ලොව උසම යෞවනයාට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කීමට 15 හැවිරිදි තරුණයෙකු සමත්ව තිබෙනවා. 

උපතින් කැනේඩියානු පුරවැසියෙකු වන ඔලිවර් රියොෂ් ගේ උස අඩි 7යි අඟල් 5ක් (සෙන්ටිමීටර් 228ක්) වන බවයි ගිනස් වාර්තා වේ සඳහන් වන්නේ.

මේ වන විට ඔහු අමෙරිකාවේ, ෆ්ලොරිඩා ප්‍රාන්තයේ IMG ඇකඩමියේ පැසි පන්දු ක්‍රීඩාවේ යෙදී සිටිනවා.

" සාමාන්‍යයෙන් මම කොතැනක ගියත් කැපී පෙනෙනවා උස නිසා. මගේ වයස අවුරුදු 10,11,12 යන වයස් සිමවලදී මගේ උස ක්‍රමයෙන් වැඩි වෙන බවට තේරුම් ගියා. විශේෂයෙන්ම මගේ යහළුවන්ට සාපේක්ෂව.

මගේ පියාගේ උස අඩි 6 "8ක්, ඒ වගේම මගේ මවගේ උස අඩි 6"2ක්. අපේ පවුලම උස අය.

මේ නිසා අපේ ගෙදර සිවිලිමේ ඉදන් හැම දෙයක්ම උසට සරිලන විදිහටයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මම පළදින සපත්තු වල ප්‍රමාණය 20." යොවුන් ගිනස් වාර්තා හිමිකරු විදෙස් මාධ්‍ය සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී සඳහන් කර සිටියා.

ඔබේ අනාගත බලාපොරොත්තුව කුමක්ද ? මාධ්‍යවේදියෙකු ඔහුගෙන් විමසා සිටියා.

" වෘත්තිමය පැසි පන්දු ක්‍රීඩකයෙක්වීම මගේ බලාපොරොත්තුවයි" ඔහු පිළිතුරු දෙමින් සඳහන් කර ඇත්තේ.