Friday, May 17, 2024

General line - 0115112241

චීනය සමග තරගයට ඇමරිකාව  පැසිෆික් දූපත් වෙත හැරෙයි




පැසිෆික් කලාපයේ නැගී එන චීන බලයට මුහුණදීම සදහා පැසිෆික් දූපත් කලාපයේ රටවල් සමග වන සබදතා වර්ධනය කර ගැනීමට ඇමරිකාව සූදානම් වනවා. 

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ෆීජී  දූපත් හි පැවති හමුවක් අමතමින් සදහන් කර ඇත්තේ, පැසිෆික් කලාපීය සහකරැවන් සමග වන සහයෝගය වර්ධනය  කර ගැනීමට ඇමරිකාව කටයුතු කරමින් සිටින බවයි.

ඒ අනුව මෙම කලාපයේ රටවල් සමග ආයෝජන අවස්ථා වර්ධනය කර ගැනීමටත්, හැකි සෑම අංශයකින්ම සබදතා පුලුල් කර ගැනීමටත් කටයුතු කරන බව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සදහන් කර තිබෙනවා. 

මේ අතර , ඇමරිකා එක්සත් ජනපදය ගිණිකොණ දිග ආසියාවේ සහ පැසිෆික් දූපත් කලාප‍යේ රටවල අලුතින් තානාපති කාර්යාල සහ ‍කොන්සල් කාර්යාල විවෘත කිරීමට කටයුතු කරන බව ඉන්දු පැසිෆික් කලාපයේ ඇමරිකානු උපාය මාර්ග නමින් පසුගිය සතියේ දී නිකුත් කළ වාර්තාවක් මගින් ද අනාවරණය කර තිබුණා. 

මීට සති කිහිපයකට පෙර මාධ්‍ය වෙත නිකුත් කෙරැණු සීඅයිඒ සංවිධානයේ වාර්තාවක  ද දැක්වුණේ, ඇමරිකාව මැද පෙරදිග කලාපය වෙත දක්වන උනන්දුව අඩුකො‍ට නැගී එන චීන බලයට මුහුණදීම සදහා ගිණිකොණ දිග ආසියානු කලාපයේ සහ පැසිෆික් කලාපයේ බලය වර්ධනය කර ගැනීමට සූදානම් වන බවයි.