තම වී වගාව වන අලින්ගෙන් රැක ගැනීම සඳහා කුඹුර වටා ඇද තිබූ විදුලි රැහැනට හසු වීමෙන් විදුලිසැර වැදී මනංපිටිය මහවැව ප්‍රදේශයේ ගොවි මහතෙකු අද (17) අලුයම මියගොස් ඇතැයි මනංපිටිය පොලිසිය පවසනවා.
මහවැව වෙල්යායේ දී මෙම අනතුර සිදුව ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ 58 හැවිරිදි පස් දරු පියෙකු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෘත දේහය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද උදෑසන සිදුකිරීමට නියමිතයි.