Friday, May 17, 2024

General line - 0115112241

ලෝකයම මෝඩයාට ඇන්දවූ රුසියාවේ උපක්‍රමය : යුක්‍රේන දේශ සීමාවට තවත් හමුදා රැස්කරයි




යුක්‍රේන දේශ සිමාවේ සිටි සිය හමුදාවන් ඉවත් කර ගන්නා බවට පසුගියදා රුසියාව සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බවට අමෙරිකාව චෝදනා කර සිටිනවා.

ජේෂ්ඨ අමෙරිකානු බලධාරියෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කළේ රුසියාව විසින් මෙම ප්‍රකාශය සිදුකිරිමෙන් පසුව යුක්‍රේන දේශ සීමාව ආසන්නයට තවත් 7,000ක භට පිරිස් කැඳවා ඇති බවයි.

මේ තත්ත්වය මත ඕනෑම අවස්ථාවකදී රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණශීලි ප්‍රහාරයක් එල්ල කිරිමට ඇති ඉඩකඩ වැඩි බවයි එම නිලධාරියා වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ ජර්මන් චාන්සලර් Olaf Scholz අතර දුරකථන සංවාදයක් පවත්වා තිබෙන අතර එහිදී නායකයින් දෙදෙනාම සඳහන් කර ඇත්තේ රුසියාව සත්‍ය වශයෙන්ම සිය භට පිරිස් යුක්‍රේන දේශ සීමාවෙන් ඉවත් කර ගැනීමට කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky ඊයේ පැවති සම්මුඛ සාකච්ජාවකදී සඳහන් කළේ සිය රටේ දේශසිමා ආසන්නයේ සිටින රුසියානු හමුදාවන් ඉවත් වීමක් පෙන්නුම් නොකරන බවයි.

මේ අතර සිය හමුදාවන් යුක්‍රේන දේශ සීමාවෙන් ඉවත් කර ගන්නා බවට බටහිර රටවලට ඒත්තු ගැන්වීම සඳහා රුසියාව විසින් මුදාහරින ලද වීඩියෝව 2014 වර්ෂයේදී ගනු ලැබුවක් බවට වාර්තා වනවා.