Friday, May 17, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් වෙනුවෙන් හෝටල් කාමර දස දහසක් වෙන් කරයි 




දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යැමත් සමග වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සහ නිරෝධායනයට යොමු කිරීම සඳහා හෝටල් කාමර 10,000ක් වෙන් කර ගැනීමට හොංකොං බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග හොංකොං හි දෛනික කොවිඩ් ආසාදිතයින් සීඝ්‍ර ලෙස ඉහළ යෑම මිට හේතුව වී තිබෙනවා.

ඊයේ දිනයේදී එරටින් කොවිඩ් ආසාදිතයින් 4,285ක් වාර්තා වී තිබු අතර, ඉකුත් සති 02ක තුලදී වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,344ක්.

පවතින තත්ත්වය පාලනය කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස චීන ජනාධිපති Xi Jinping විසින් හොංකොං පාලකයින්ට ඊයේ උපදෙස් නිකුත් කරනු ලැබුවා.

විදෙස් වාර්තා සඳහන් කලේ මේ වන විට හොංකොං හි පාසැල්, සිනමා ශාලා, උද්‍යාන, කාර්යාල සියල්ල වසා දමා ඇති බවයි. 

ආයතන සේවකයින්ට නිවසේ සිට රැකියා කිරිමට උපදෙස් නිකුත් කර ඇති අතර ලබන මාසයේ සිට සෑම පුරවැසියෙකුටම කොවිඩ් පරීක්ෂණය සිදුකර ගැනීම අනිවාර්ය කර ඇති බවද සඳහන්.