Friday, May 17, 2024

General line - 0115112241

තවත් වෛරස් කාණ්ඩ 03ක් හඳුනා ගනියි 




වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී තවත් වෛරස් කාණ්ඩ 03ක් හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා. මෙම වෛරස් කාණ්ඩ මිනිස් සිරුරට ඇතුල්වීමේ අවදානමක් පවතින බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

BANAL-103, BANAL-236 සහ BANAL - 52 යනුවෙන් මෙම වෛරස් කාණ්ඩ 03 මේ වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති SARS-CoV-2 යනුවෙන් හඳුන්වන කොවිඩ් වෛරසයට අයත් බවට හඳුනා ගෙන ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මෙම වෛරස් කාණ්ඩ 03 හඳුනා ගෙන ඇත්තේ ලාඕස් හි විද්‍යාඥයින් පිරිසක් විසින් එරට වවුලන් ආශ්‍රිතව සිදුකරන ලද පරික්ෂණයකදීය.

මෙම වෛරස් කාණ්ඩ 03 තුලම ස්පයික් ප්‍රෝටීන් වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර එමගින් වෛරසය මිනිසාගේ ශ්වසන පද්ධතියට ඇතුල්වීමෙන් පසු එහි ඇලී සිටීමේ වැඩි හැකියාවක් පවතින බවයි විද්‍යාඥයින් පවසන්නේ.

එමෙන්ම මෙම වෛරස් කාණ්ඩ 03ට ඉතා පහසුවෙන් මිනිස් සිරූරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බවද එම විද්‍යාඥයින් සඳහන් කරන්නේ.