Friday, May 17, 2024

General line - 0115112241

රුසියාව අමෙරිකාවට අවි අමෝරයි 




රුසියාව විසින් මිට සුළු මොහොතකට පෙර එරට සිටින දෙවන බලවත්ම අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියාව පිටුවහල් කිරිමට පියවර ගෙන තිබෙනවා.

යුක්‍රේන - රුසියානු දේශ සීමාවන් අසල මතුවී තිබෙන අර්බුධකාරී වාතාවරණය ත්‍රීව කරමින් රුසියාව විසින් ගනු ලැබූ මෙම ක්‍රියා මාර්ගයට හේතුවක් හෝ පැහදිලි කිරීමක් මේ දක්වා සිදුකර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ මොස්කව් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ දෙවන ජේෂ්ඨතම නිලධාරියා වන බාර්ට් ගෝමන් මෙලෙස පිටුවහල් කර ඇති බවයි.

රුසියාවේ මෙම ක්‍රියාව පවතින උණුසුම්කාරී තත්ත්වය ත්‍රීව කිරීමේ සිද්ධියක් ලෙසයි ඇමෙරිකාවේ ජෝ බයිඩ්න් පාලනය සඳහන් කර සිටින්නේ.