Sunday, May 19, 2024

General line - 0115112241

ඇමති ලන්සාගෙන් අද විශේෂ ප්‍රකාශයක්




පසුගිය දිනවලදී ඇතැම් අමාත්‍යවරුන් අතර ඇතිවූ මත ගැටුම්වල ස්වභාවය නීරික්ෂණය කිරිමේදී පැහැදිලිවන්නේ ඒවා ඔවුන්ගේ දේශපාලන බලය තහවුරු කරගැනීම වෙනුවෙන් සිදුකරන්නා වූ උත්සහයන් බව පැෆරල් සංවිධානය පවසනවා. 

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවසුවේ එවැනි ආකාරයේ මත ගැටුම්වලට ප්‍රධාන හේතුව වී ඇත්තේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් පෙනීසිටීම වැනි අවස්ථා නොවන බවයි.

රට පත්ව ඇති අර්බුදකාරි තත්වය හමුවේ සිය බල ව්‍යපෘති පිළිබද නොසිතා රට වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා. 

මේ අතර ඉකුත් සමයේ කතාබහට ලක්වූ චරිතයක් වන රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පාර්ලිමේන්තුවේදී අද විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

ඔහු ඉකුත්දා සිය සමීපතමයින්ට පවසා තිබුණේ මහාමාර්ග අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් කලකිරීමෙන් සිටින බවයි. තම ස්ථාවරය ජනාධිපතිවරයාට ද අද දිනයේ ලිපියකින් දැනුම්දීමට රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා තීරණය කර ඇති බවට ද වාර්තා පළ වනවා.