Wednesday, May 15, 2024

General line - 0115112241

ඩිසල් බෙදාහැරිම අද සිට ඇරඹේ




ඉන්ධන පිරවුම්හල් වෙත අද දිනයේද ඩීසල් බෙදා හැරීම සිදුවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම නෞකාවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 28,300 ක් මෙරටට රැගෙනවිත් ඇති බවයි. 

ඉන් ඩීසල් ගොඩබෑම ආරම්භ වන්නේ අද සිටයි. ගුවන් යානා ඉන්ධන මෙට්ට්‍රික් ටොන් 9,000 ක් ද මෙම නෞකාව මගින් රැගෙනවිත් තිබෙනවා. ඊට අවශ්‍ය ඩොලර් මිලියන 39.3 ක මුදල ද ගෙවා ඇති බවයි බලශක්ති අමාත්‍යංශය ඊයේ පැවසුවා. 

ඉකුත් දා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 37, 300 ක් රැගෙන තවත් නැවක් මෙරටට පැමිණියා. එහි ඉන්ධන තොග කඩිනමින් බෙදා හැරීමටයි පියවර ගැණුනේ. බලශක්ති අමාත්‍යංශයේ දත්තවලට අනුව මේවනවිට ශ්‍රී ලංකාව සතුව මෙට්ට්‍රික් ටොන් 65,600 ක ඩීසල් සංචිතයක් පවතිනවා.  

කෙසේවෙතත් රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල පවතින දිගු පෝළිම් තවමත් අවසන් වී නැහැ. නෙත් නිවුස් අද අළුයම සිදු කළ සංචාරයකදී දැක ගත හැකි වුයේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් පවතින ආකාරයයි. 

ඇතැම් පුද්ගලයින් පෝලිමේ තම වාහනය නවතා ගොස් ඇති අයුරුද ඇතැම් පිරිස් වාහනය තුළම රැය ගත කර අයුරුද එහිදී දැක ගත හැකි වුණා. ඇතැම් පිරවුම්හල්වල ඉන්ධන නොමැති බව දැන දැනම ඉන්ධන ලැබේවියැයි අපේක්ෂාවෙන් ඇතැම් රියදුරන් පෝළිම්වලට රැඳී සිටින බව නෙත් නිවුස් ඊයේ වාර්තා කළා.