Wednesday, May 15, 2024

General line - 0115112241

විදුලි කප්පාදුවේ වෙනසක්




අද (05) සිට විදුලි කප්පාදුව අවම කරන බවට රජය විසින් ප්‍රතිඥා දී ඇති බැවින්, ඉන්ධන තොග පවතින ප්‍රමාණය අනුව විදුලිය විසන්ධි වීමේ වෙනස්කමක් සිදුවිය හැකි බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේ පවතින ඉන්ධන තොග මත පදනම්ව සැලසුම් කළ විදුලි කප්පාදුව අත්හිටුවීමට හෝ එහි කාලසීමාව අඩු කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර, සුපුරුදු පරිදි අද දිනයේ දීත් විදුලි කප්පාදුවකට අවතීර්ණ වීමට සිදුවන බව ඊයේ (04) පස්වරුවේ මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළා.