Tuesday, May 14, 2024

General line - 0115112241

පාසැල් වෙත සිසුන් කැදවීම සීමා කිරීමට හේතු මොනවාදැයි ගුරු සංගමයක් ප්‍රශ්ණ කරයි

ඩී ඩී වානගුරු




ලබන සඳුදා සිට ආරම්භ කෙරෙන නව පාසැල් වාරයේදී පාසැල් වෙත සිසුන් කැඳවීම සීමා කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා චක්‍රලේකයක් නිකුත් කර ඇත්තේ කුමන පදනමකින්දැයි පැහැදිලි කළ යුතු බව ලංකා ගුරු සංගමය පවසනවා. 

එහි ලේකම් ජෝසප් ස්ටාලිං පැවසුවේ කොරෝනා ව්‍යාප්තිය සීඝ්‍ර ලෙස ඉහළ ගිය කාල සීමාවේදී සියලු සිසුන් පාසැල් වෙත කැඳවා මෙම අවස්ථාවේදී නැවත එය සීමා කිරීම අපහැදිලි කරුණක් බවයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලිං.