Tuesday, May 14, 2024

General line - 0115112241

විමල් සහ උදය ආණ්ඩුවේ රඳවා ගත යුතුයි - ඇමති දිලුම් කියයි




විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු අමාත්‍යවරුන් තවදුරටත් ආණ්ඩුව තුළ රදවා ගැනීමට කටයුතු කළ යුතු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. 

කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වුවද එය ගැටලුවක් නොවන බවයි මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා තනිව තරඟ කිරීමට සූදානම්වීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පළ කළා.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකද අද මාධ්‍ය වෙත අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකද මේ සම්බන්දයෙන් අදහස් පළ කළා.