Tuesday, May 21, 2024

General line - 0115112241

රුසියාවට එරෙහිව සටන් වදින්න යුක්රේනයට විශේෂ සටන්කරුවන් පිරිසක්




රුසියාවට එරෙහි ඔවුන්ගේ යුද්ධයට එක්වන ලෙස යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් කරන ලද ඉල්ලීමෙන් පසුව බෙලරූස් රාජ්‍ය විරෝධී සන්නද්ධ භට පිරිසක් යුක්රේනය සමග එක්වීමට තීරණය කර තිබෙනවා.

ඔවුන් යුක්රේන හමුදාවේ විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර එය සටනට සම්බන්ධ වීමට බෙලරුසියානු ජාතිකයින් විශාල සංඛ්‍යාවක් රට තුළට පැමිණීමෙන් ඔවුන් කිව් අගනුවර ආරක්ෂා කර ගැනීම සඳහා සටන් වදිමින් සිටින බවයි.

රුසියානු ජනාධිපති ව්ලැදීමිර් පුටින්ගේ අවශ්‍යතාවය මත යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා උතුරු දෙසින් සිය හමුදාවන් යෙදවීමට බෙලරුසියාව හමුදාව යොදවා ඇත.

කෙසේ වුවත් යුක්රේනය දෙසට ගමන් කරන බෙලරුසියානු හමුදාව වෙත මෙම නිදහස් සටන්කාමින් දැනුම් දී ඇත්තේ යුක්රේනය සමග එක්වී රුසියානුවන්ට එරෙහිව සටන් කිරීමට එක්වන ලෙසයි. එසේත් නැත්නම් නැවත තමන්ගේ නිවෙස්වෙත රැඳී සිටින ලෙසයි.

යුක්රේනයට එරෙහිව සිදුකරනු ලබන රුසියානු ආක්‍රමණයේදී බෙලරුසියානු ජනාධිපතිවරයා විසින් සිය රටේ භුමිය භාවිත කිරීමට රුසියානු හමුදාවන්ට ඉඩ ලබාදුන් අතර එහි සිට මිසයිල ප්‍රහාර දියත් කිරීමට ද රුසියානුවන් කටයුතු කරනු ලැබුවා.

මේ වන විට රුසියාවට එරෙහිව සටන් කිරීමට යුක්රේන හමුදාව සමග එක්වීමට ජාත්‍යන්තර ස්වේච්ජා සන්නද්ධ කණ්ඩායම් කිහිපයක්ම එක්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.