Tuesday, May 14, 2024

General line - 0115112241

බර්ටි ගුණතිලකයන් දිවි ගමනට සමුදෙයි

ලසන්ත නිරෝෂන




ප්‍රහසන චරිත නිරූපණය සම්බන්ධයෙන් නම් දරා සිටි මෙරට ප්‍රවීන රංගන ශිල්පියෙකු වන බර්ටි ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඒ මහතා 98 වන වියේ පසුවුණා. 

කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා කහවත්ත මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අභාවප්‍රාප්ත වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

“විනෝද සමය” රූපවාහිනි විකට කථා මාලාවේ “බබා” චරිතය නිරූපනය කළ බර්ටි ගුණතිලක මහතා, ප්‍රහසන චරිත නිරූපනයට තමන් සතු වූ ඇති හැකියාව නිසාම මෙරට ජනතාව අතර ප්‍රසිද්ධ පුද්ගලයෙකු බවට පත්වුණා.