Tuesday, May 14, 2024

General line - 0115112241

ඉන්ධන හිඟය මැද පාසැල් එන්නේ කෙසේද ? ගුරු සංගම් අසයි




නව පාසල් වාරය හෙටින් ආරම්භ කළද ඉන්ධන හිගය හමුවේ දරුවන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල පාසල් පැමිණෙන්නේ කෙසේ දැයි ලංකා ගුරු සේවා සංගමය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය ද මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය ඉන්ධන ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ලබාදීමට ඉල්ලීමක් කරන බවයි. මේ, එම සංගමයේ සභාපති රුවන් ප්‍රසාද්.

හෙට දිනයේ පෞද්ගලික බස් ධාවනය සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ද මෙලෙස අදහස් පළ කළා.

මේ අතර හෙට දිනයේ සිට පාසල් වෙත සිසුන් කැදවනු ලබන්නේ කොටස් වශයෙන්. ඒ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 20 ක් හෝ ඊට අඩු නම් සතියේ දින පහේ එම පන්ති පැවැත් විය හැකි බවයි  අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ. එහෙත් සිසුන් සංඛ්‍යාව 21 සිට 40 දක්වා වේ නම් පන්තියේ සිසුන් කණ්ඩාය 2 කට වෙන්කර සතියක් හැර සතියක් පන්ති පැවැත්වීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. 

සිසුන් 40 ට වඩා වැඩි පන්ති සමාන කොටස් 3කට වෙන්කර හෙට සිට පන්ති පැවැත්විය යුතු බවද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සදහන්.