Wednesday, May 15, 2024

General line - 0115112241

පාන් ගෙඩියක මිල රුපියල් සියය ඉක්මවනු ලකුණු




ගෑස් සහ තිරිගු පිටි හිගය හේතුවෙන් මේ වනවිට බේකරි දහසක් වසා දමා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. පවතින තත්ත්වය හමුවේ පාන් ගෙඩියක මිල රුපියල් සියය ඉක්මවනු ඇති බවයි එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ.

ගෑස් නොමැතිවීමෙන් පීඩාවට පත් බේකරි හිමියන් සහ ගෑස් අළෙවි නියෝජිතයන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් පළ කළා.