Wednesday, May 15, 2024

General line - 0115112241

ගෑස් හිඟයෙන් භූමිතෙල් ඉල්ලුමත් ඉහළට

කමල් සුරවීර / ටී.කේ.ජී කපිල / මාධව කුලසූරිය




වෙළඳපළේ පවතින ගෑස් හිඟයට අදට දින 07 ක් ගතවනවා. දින කිහිපයකට පෙර දිවයිනට පැමිණ ඇති නෞකා 02 න් තවමත් ගෑස් ලබා ගැනීමට ලිට්රෝ සමාගමට නොහැකි වී ඇත්තේ  ඊට අදාළ මුදල් ගෙවීමට නොහැකි වීමෙන්. මේ හේතුවෙන් මෙලෙස වෙළදපළේ ගෑස් හිඟයක් හටගෙන තිබෙනවා. 

මේ හේතුවෙන් ක්ෂේත්‍ර ගණනාවකට ද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර දිවයිනේ ආපනශාලා සහ බෝජනාගාර රැසක් ද දින කිහිපයක සිට ම වසා දමා තිබෙනවා. එවන් පසුබිමක් තුළ මහනුවර ප්‍රදේශයේ ද ඩීසල් ලබා ගැනීම සඳහා මෙන්ම ගෑස් ලබා ගැනීම සඳහා ද දිගු පෝලිම් දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර පැවසුවේ. 

මේ, කටුනායක සහ ඒ අවට ප්‍රදේශවල ඉන්ධන හා ගෑස් පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු ටී. කේ. ජී කපිල. 

ගෑස් හිගය හේතුවෙන් උතුරේ භූමිතෙල් සඳහා ද වැඩි ඉල්ලුමක් පවතිනවා. මේ හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පෝල්ම්ද දක්නට ලැබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ. 

ගෑස් නොමැතිවීම හේතුවෙන් සෙසු ප්‍රදේශවලද භූමිතෙල් සඳහා වැඩි ඉල්ලුමක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.