Tuesday, May 14, 2024

General line - 0115112241

මුදල් ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්




විදුලිය පිරිමැසීම වෙනුවෙන් මෙම මස 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

විදුලිය ඉතිරි කරගැනීම සඳහා ක්‍රියාත්මක කළ හැකි විකල්ප ක්‍රමවේද ඇත්නම් ඒවා ද ක්‍රියාත්මක කරන ලෙස ද මුදල් අමාත්‍යවරයා පාලාත් පාලන ප්‍රධානීන්ට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ.

දිනෙන් දින ඉහළ යන ඉන්ධන මිල සහ වර්ෂාව නොමැතිවීම නිසා ජල විදුලි උත්පාදනය කිරීමේ පවතින ගැටළු හේතුවෙන් රට මුහුණ පා ඇති බලශක්ති අර්බුදයට පිලියමක් වශයෙන් මෙම පියවර ගන්නා ලෙසයි මුදල් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මේ අතර පවතින විදුලි කප්පාදුව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ද අද අදහස් පළ කළා. ඔහු පැවසුවේ තවත් දින 03 කින් පමණ විදුලි උත්පාදනයට අවශ්‍ය තෙල් සංචිත ලැබෙන බවයි.

කෙසේවෙතත් පවතින විදුලි අර්බුදය හේතුවෙන් අද දිනයේද පැය හත හමාරක් දක්වා විදුලි කප්පාදුවක් සිදු කෙරුණා. බොහෝ ප්‍රදේශවලට මේ වන විටත් විදුලිය විසන්ධි කර තිබෙනවා. විදුලි කප්පාදුව අද රාත්‍රී 11 තෙක් ක්‍රියාත්මකයි.