Tuesday, May 14, 2024

General line - 0115112241

මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්තශාලාවේ නිෂ්පාදන ඇරඹේ




මාගම්පුර ලංකා කර්මාන්ත පුරයේ ඉදිකෙරුණු මෙරට විශාලතම සිමෙන්ති කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු අද ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

2020 වසරේ මාර්තු මස ඉදිකිරීම් ඇරඹි මෙම කර්මාන්තශාලාව සඳහා සිදු කළ ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 100 ක්. අක්කර 63ක භූමි භාගයක අති නවීන පහසුකම්වලින් සමන්විත මෙය දකුණු ආසියානු කලාපයේ විශාලතම සිමෙන්ති නිෂ්පාදන ආයතන කිහිපය අතරට ද එක් වනවා. 

කර්මාන්තශාලාවේ වාර්ෂික නිෂ්පාදන ධාරිතාව මෙටි්‍රක් ටොන් මිලියන 04ක් වන අතර පළමු අදියර යටතේ මෙටි්‍රක් ටොන් මිලියන 2 යි දශම 8ක් දේශීය වෙළෙඳපොළට සැපයීමට නියමිතයි. කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු පුළුල් වීමත් සමග මෙරට සිමෙන්ති අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමට අපේක්ෂිතයි.

මේ අතර ඉදිකිරීමට යෝජිත නව වානේ කර්මාන්ත ශාලාව සඳහා ද මෙහිදී මුල්ගල් තැබුණා. අක්කර 250ක භූමියක ඉදිවෙන එම කර්මාන්ත ශාලාව සඳහා ආයෝජනය කළ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 ක්. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය 2024 අග බාගයේ ඇරඹීමට නියමිතයි.