Friday, April 19, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා වනිතාභිමාන අවසන් මහා තරගය ජාත්‍යන්තර කාන්තා දිනයේදී BMICH හිදී පැවැත්වේ




ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2022 මාර්තු 8 වන දින ශ්‍රී ලංකා වනිතාභිමාන අවසන් මහා තරඟය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වේ. 

සිරස News 1st සමඟ එක්ව NDB බැංකුව විසින් හඳුන්වා දුන් වනිතාභිමාන වැඩසටහන, නව මාවතකට පිවිසෙන ශ්‍රී ලාංකීය කාන්තා ජයග්‍රාහකයින් සඳහා වේදිකාවක් බවට පත්ව ඇත. ශ්‍රී ලංකා ආර්ථිකයට සෘජුව දායක වන විවිධ ක්ෂේත්‍රවල කාන්තා ජයග්‍රාහකයින් සවිබල ගැන්වීම සහ හඳුනාගෙන ඇති ජාතික මට්ටමේ වැඩසටහනකි.

මෙම වැඩසටහනේ එක් ප්‍රධාන අරමුණක් වන්නේ නවීන වෙළඳපොල සඳහා කාන්තාවන් සහභාගී කරවා ගැනීම සහ ඔවුන් එයට ඇතුළුවීම දිරිමත් කිරීම සහ පහසුකම් සැලසීමයි. ආර්ථිකයට සහ සමාජයට සක්‍රීයව දායක වන කාන්තාවන් ඇගයීමට හා උපහාර කිරීමට ද වැඩසටහන පියවර ගනී.

ප්‍රධාන කාණ්ඩ දෙකෙන් ජාතික මට්ටමින් තෝරාගත් ජයග්‍රාහකයින් හඳුනා ගැනේ, එනම් පළාත් අංශය ව්‍යවසායකත්ව (කුඩා), ව්‍යවසායකත්ව (ක්ෂුද්‍ර), ව්‍යවසායකත්ව (නැගී එන), තරුණ නායිකා, පාරිසරික කළමනාකරණය, ක්‍රීඩා, ස්වේච්ඡා සේවා, සාහිත්‍ය සහ අධ්‍යාපන සේවා සමඟ නව නිපැයුම් සහ නවෝත්පාදන යන කාණ්ඩ සහ ආයතනික සහ වෘත්තීය අංශය  (මානව සම්පත්, මූල්‍ය කළමනාකරණය, විකුණුම් සහ අලෙවිකරණය, නීති, රාජ්‍ය අංශය, තොරතුරු තාක්ෂණය, සංචාරක, කලාව, ක්‍රීඩා සහ ව්‍යවසායකත්වය වැනි අංශ ආවරණය කරයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ ජනප්‍රියම කාන්තාව සම්මානය (සාමාන්‍ය මහජනතාවගේ SMS නාමයෝජනා මත පදනම්ව තෝරා ගන්නා ලදී) සහ ප්‍රවීණ කාන්තා පෞරුෂයන් 5 දෙනෙකු සඳහා “ජීවිතයේ වරක්” ඇගයීම් සම්මානය ද මෙහිදී ප්‍රදානය කෙරේ.

ශ්‍රී ලංකා වනිතාභිමාන වැඩසටහන පැවැත්වෙන්නේ NDB අරලිය කාන්තා ව්‍යවසායකත්ව බැංකු සේවාව යටතේ ය. අරලිය ව්‍යාපාර ණය (ප්‍රාග්ධන වියදම්, කාරක ප්‍රාග්ධනය සහ එදිනෙදා මෙහෙයුම් වියදම් සඳහා), අරලිය ක්‍රෙඩිට් කාඩ්, අරලිය ජංගම ගිණුම, අරලිය ඉතිරි කිරීමේ ගිණුම, අරලිය ඩෙබිට් කාඩ්, කාරක ප්‍රාග්ධන පහසුකම් (** බැංකුවේ පවතින ණය නිර්ණායකයන්ට යටත්ව), අවම පොලී අනුපාත, රක්ෂණ යෝජනා ක්‍රම (ජීවිත ආවරණය සහ රෝහල් ගත වීමේ ප්‍රතිලාභ) ව්‍යවසායකයන්ට උපදේශක සේවා, මෙන්ම මූල්‍ය නොවන සේවාවන් ඉන් සැපයේ.

මෙම කාන්තා ව්‍යවසායකයින්ට අරලිය දැනුම් සංසද, අරලිය උපදේශනය සහ සබඳතා ගොඩනැගුම් සැසි, තෙවන පාර්ශවීය උපදේශන සේවා (උදා: ව්‍යාපාර ලියාපදිංචිය, පොත් තැබීම ආදිය) මෙන්ම කුඩා ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ විශේෂ සහතික කිරීමේ වැඩසටහන් සඳහා සහභාගී වීමට ද අවස්ථාව ලැබේ.

ශ්‍රී ලංකාව සඳහා වූ Asiamoney Best Bank Awards හි දී NDB බැංකුව "2021 හොඳම ඩිජිටල් බැංකුව" ලෙසත්, ඇමරිකා එක්සත් ජනපදයේ කීර්තිමත් Global Finance සඟරාව විසින් "2021 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව" ලෙසත්, එක්සත් රාජධානියේ බෑන්කර් සඟරාව “ශ්‍රී ලංකාවේ හොඳම බැංකුව” ලෙසත්, LMD ශ්‍රේණිගත කිරීම අනුව "වඩාත් සම්මාන ලැබූ ආයතනික 2021" සම්මානයට පාත්‍ර විය. NDB යනු ශ්‍රී ලංකාවේ 4 වැනි විශාලතම ලයිස්තුගත බැංකුව වන අතර NDB සමූහයේ මව් සමාගම වේ. ශ්‍රී ලංකාවේ ඇති එකම මූල්‍ය සේවා සමූහය වන NDB සමූහය සිය සියලුම සමාගම් නිෂ්පාදන හා සේවා පිරිනැමීම් වෙත සිය ගනුදෙනුකරුවන්ට බාධාවකින් තොරව ප්‍රවේශය ලබා දීම තුළින් ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළඳපොළේ වර්ධනයට හා සංවර්ධනයට සහාය වන්නකු ලෙස සුවිශේෂී ස්ථානයකට එළැඹ සිටියි.