Wednesday, May 15, 2024

General line - 0115112241

වසර 14 කට පසු ලෝකයේ වැඩිම ගෑස් මිලත් වාර්තා වෙයි




යුක්‍රේන - රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ගෑස් මිල වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. නවතම වාර්තාවලට අනුව මේ වන විට ලෝක වෙළඳපොලෙන් වාර්තා වන්නේ 2008 ජූලි මාසයෙන් පසු ගෑස් සඳහා වාර්තාවූ වැඩිම මිලයි. 

පෙර පැවති මිලට සාපේක්ෂව ඩොලර් 4 යි දශම එකයි එකකින් ගෑස් මිල වැඩිවී ඇති බව එහි සඳහන්. ගෑස් තොග මිලද දෙගුණයකට වඩා වැඩියෙන් ඉහළ ගොස් තිබෙනවා. රුසියාවෙන් ගෑස් සහ ඉන්ධන මිලදී ගැනීම තහනම් කිරීම පිළිබඳ බි්‍රතාන්‍යය අනතුරු ඇඟවීමත් සමඟ මෙලෙස මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇතැයි සඳහන්. 

ගෑස් මිල මෙන්ම යුක්‍රේන රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ඉන්ධන මිලද මේ වන විට වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වූයේ ඩොලර් 139 ක් ලෙසයි. එයද වසර 14 කට පසු වාර්තාවූ ඉහළම මිලයි.