Wednesday, May 15, 2024

General line - 0115112241

ප්‍රමාද නොවී තීරණයක් ගන්න - යුක්රේන ජනපති බටහිර රටවලට යළි කියයි




සිය රටට එල්ල වන යුදමය තර්ජන උපරිම මට්ටමට පැමිණ ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි පවසනවා. කෙසේවෙතත් ඊට එරෙහිව නැගී සිටීමට සිය රටට ඇති හැකියාව ද තවමත් ඉහල මට්ටමේ පවතින බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

එමෙන්ම ඔහු රුසියානු හමුදාවට ද තර්ජනයක් එල්ල කරමින් පැවසුවේ දිවි බේරා ගෙන යුක්‍රේනයෙන් පිටව යන ලෙසයි.
කෙසේවෙතත් රුසියාවට තර්ජන එල්ල කල යුක්‍රේන ජනාධිපතිවරයා සිය රට බේරා දෙන ලෙසට බටහිර රටවලින් හා යුරෝපානු රටවලින් යලිත් ඉල්ලීමක් ද කර තිබෙනවා. ඔහු පවසන්නේ තවත් ප්‍රමාද නොවී මේ මොහොතේදී හෝ යුක්‍රේනයට ඉහල අහස ගුවන් යානා සදහා තහනම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසයි. 

එසේ නොවුනහොත් සිදුවන ඛේදවාචකයන්ට වගකීමට බටහිර හා යුරෝපානු ප්‍රජාවටත් සිදුවනු ඇතැයි යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමීර් ස්ලෙනෙස්කි ප්‍රකාශ කළා. එසේම සිය රටට තවදුරටත් ප්‍රහාරක යානා ලබා දෙන ලෙසද යුක්රේන ජනාධිපතිවරයා සිය හිතමිතුරු රටවලින් ඉල්ලා සිටිනවා.

කෙසේවෙතත් මිග් 29 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් යුක්‍රේනයට ලබාදීම සම්බන්ධයෙන් පෝලන්තය ගෙන ආ යෝජනාවක් අමෙරිකාව ඉවත දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.