Wednesday, May 15, 2024

General line - 0115112241

රුසියානු ප්‍රහාරයකින් යුක්රේනයේ ළමා රෝහලකට බරපතල හානියි (VIDEO / PHOTOS)




දකුණු දිග යුක්රේනයේ පිහිටි Mariupol නගරයේ පිහිටි ළමා සහ මාතෘ රෝහලක් වෙත එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට බරපතල හානි සිදුව ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියේ රුසියානු රොකට් ප්‍රහාර හේතුවෙන් රෝහලට බරපතල හානි සිදුව ඇති බවයි.

මේ වන විට ලැබී ඇති වාර්තා අනුව ප්‍රහාරයෙන් රෝහල් සේවකයින් , මව්වරුන් ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කෙසේ වුවත් තුවාලකරුවන් ගණන මිට වඩා ඉහල යාමේ හැකියාවක් පවතින බවයි සහන සේවකයින් සඳහන් කර සිටින්නේ.

මේ අතර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky නිවේදනයක් නිකුත් කරමින් රුසියාව විසින් රෝහලක් ඉලක්ක කරමින් සිදුකළ ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් වලට ළමුන් යටවී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මෙම රුසියානු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට බ්‍රිතාන්‍යය ඇතුළු බටහිර රටවලින් බරපතල ලෙස විවේචනයන් එල්ල වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.