Friday, May 17, 2024

General line - 0115112241

රුසියාවේ යුක්රේන ආක්‍රමණය ගැන අමෙරිකාවෙන් චීනයටත් චෝදනා




රුසියාවේ යුක්රේන ආක්‍රමණය ගැන යුක්‍රේන අර්බුදය පදනම් කර ගනිමින් මේ වනවිට අමෙරිකාව හා චීනය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙමින් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව අමෙරිකාව පවසා ඇත්තේ යුක්‍රේනය ආක්‍රමණය කිරීම සදහා චීනය කිසිසේත් රුසියාවට සහය නොදිය යුතු බවයි. 

යුක්රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් අනතුරුව රුසියාව චීනයෙන් අවිආයුද සහ යුධ ආධාර සපයන ලෙස ඉල්ලීම් කර ඇති බවට ඇතැම් අමෙරිකානු මාධ්‍ය අනාවරණ කර ඇති බවයි වාර්තා වන්නේ. 

ඒ අනුව යුක්‍රේනය ආක්‍රමණය කිරීම සදහා චීනය කිසි ලෙසකින් හෝ රුසියාවට සහය ලබා දුන්හොත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිවිපාකවලට මුහුන දීමට චීනයට සිදුවෙනු ඇතැයි අමෙරිකාව අනතුරු අගවා තිබෙනවා. 

කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පැවසුවේ අමෙරිකාව එල්ල කරන චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කර ඇති බවයි. යුක්රේන ආක්‍රමණය සම්බන්ධයෙන් චීනය කිසිදු අවස්ථාවකදී රුසියාවට චෝදනා එල්ල නොකල බව ජාතයන්තර විචාරකයන් පවසනවා.