Friday, May 17, 2024

General line - 0115112241

රුසියානු රූපවාහිනියේ ප්‍රවෘත්ති මැදිරියක අපූරු විරෝධයක්




රුසියාව විසින් තවදුරටත් යුක්‍රේනයට පහරදෙමින් ඇති පසුබිමක රුසියානු රාජ්‍ය රූපවාහිනී නාළිකාව තුළ සිය රටට එරෙහිව අපූරු විරෝධතාවක් පැවැත්වූ පුවතක් වාර්තා වනවා. එය සිදුව ඇත්තේ ඊයේ රාත්‍රීයේ එම නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අතරතුරයි. එහිදී නිවේදිකාව ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටියදී එක්වරම ප්‍රවෘත්ති මැදිරියට කඩා වැදුණු තවත් කාන්තාවක් නිවේදිකාව පිටුපසට පැමිණ යුද්ධයට එරෙහි පුවරුවක් ප්‍රදර්ශණය කරනවා. එහි දැක්වෙන්නේ “යුද්ධය එපා, යුද්ධය නවත්වන්න හා ඔවුන් ඔබට බොරු කියනවා” යනුවෙන්.

මෙම සිද්ධිය සිදුව තිබුණේ රුසියානු රජයේ දැඩි පාළනයේ ඇති රූපවාහිනී නාළිකාව තුළවීම විශේෂත්වයක්. මෙම නාලිකාවේ ප්‍රවෘත්ති පවා එරට රජය දැඩිව පාළනය කරන අතර යුක්‍රේන ආක්‍රමණය සම්බන්ධයෙන් එහි පළවන්නේ රුසියානු මතය පමණයි. එවන් රූපවාහිනී නාළිකාවක මෙවන් විරෝධයක් දක්වා ඇත්තේ එම නාළිකාවේම ප්‍රවෘත්ති සංස්කාරකවරියක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඇය පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයිද සඳහන්.

යුක්‍රේන - රුසියා දෙපාර්ශ්වය අතර සාම සාකච්ඡා පවතින පසුබිමකත් තවදුරටත් රුසියානු ප්‍රහාර දිගින් දිගටම සිදුවනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළ නවතම චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වුණේ යුක්‍රේන අගනුවර ප්‍රදේශය ප්‍රහාර හමුවේ අපේක්ෂා නොකළ මට්ටමින් විනාශවී ඇති ආකාරයයි.