Friday, May 17, 2024

General line - 0115112241

දුම්රිය ගාස්තුත් ළඟදීම ඉහළට




ඉදිරියේදී දුම්රිය ගාස්තු ද සංශෝධනය කරන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. ඒ, බස් ගාස්තු සංශෝධනය ද සැලකිල්ලට ගනිමින්. අමාත්‍ය දිලුම් අමුණුගම පැවසුවේ ඉන්ධන මිල වැඩිවීම සලකා දුම්රිය ගාස්තු වැඩි කිරීමට සිදුවී ඇති බවයි.

අද සිට ලංගම සහ පෞද්ගලික බස් ගාස්තු සියයට 15 කින් ඉහළ දැමුවා. එහෙත් බස් ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් බස් සංගම් අතර පවතින්නේ විවාදාත්මක තත්ත්වයක්. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ ලබාදී ඇති බස් ගාස්තුව පිළිබඳ සෑහීමකට පත්වන බවයි.

කෙසේවෙතත් සමස්ථ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් පැවසුවේ බස් ගාස්තු සංශෝධනයෙන් ඩීසල් පිරිවැයවත් නොලැබෙන බවයි.

අද සිට ක්‍රියාත්මක බස් ගාස්තු සංශෝධනය යටතේ අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ ගියා.