Thursday, May 16, 2024

General line - 0115112241

රුසියා -යුක්‍රේන අර්බුදයෙන් ලෝකය ආහාර හිඟයක් අභියස




යුක්‍රේන - රුසියා අර්බුදය හේතුවෙන් ලෝක ආහාර සැපයුම්දාමයටද දැඩි බලපෑමක් එල්ලකරනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. යුද්ධය තවදුරටත් ඉදිරියට ඇදී යාමෙන් සංවර්ධය වෙමින් පවතින රටවලට ආහාර සපයා ගැනීමේදී අර්බුදයක් මතුවිය හැකි බවයි ඔහු පවසන්නේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දත්තවලට අනුව ඌන සංවර්ධිත රටවල් 45 ක් සිය තිරිඟු පිටි අවශ්‍යතාවයෙන් සියයට තුනෙන් එකක් යුක්‍රේනයෙන් හෝ රුසියාවෙන් ලබාගන්නා අතර රටවල් 18 ක් සියයට 50 ක අවශ්‍යතාව සපුරාගන්නේ මෙම රටවල් දෙකෙන්. ලෝක තිරිඟු පිටි අවශ්‍යතාවය සියයට 30 ක් පමණ යුක්‍රේනය හා රුසියාව අතැතිව පවතිනවා. 

ලෝක ආහාර වැඩසටහනේ තිරිඟු පිටි සැපයුමෙන් අඩකට වඩා සපයන්නේද යුක්‍රේනයයි. පවතින යුධ ගැටුම් හේතුවෙන් ආහාර, ඉන්ධන, පොහොර මිල ඉහළ යමින් ඇති අතර සැපයුම්දාම ද බිඳ වැටෙමින් පවතිනවා. 

මෙවන් පසුබිමක සාගින්න සුළි කුණාටුවක් සේ පැතිරෙනු ඇති බවත්, ලෝකය ආහාර හිඟයකට ඇදී යනු බවත්, එය වැලැක්වීමට සෑම පියවරක්ම ගතයුතු බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.