Friday, May 17, 2024

General line - 0115112241

රුපියල තවත් බාල්දුවී ඩොලරය අද 275 ත් පනී




අමෙරිකානු ඩොලරයේ අගය අද 280 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මෙරට ඇතැම් බලපත්‍ර ලාභී වාණිජ බැංකු කිහිපයක් අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 284 ක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ බවයි වාර්තා වන්නේ. 

මෙරට ප්‍රධාන පෙළේ බලපත්‍ර ලාභී බොහෝ වාණිජ බැංකු අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 275 ක් බව අද දක්වා තිබුණා. ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය පැවතුණේ රුපියල් 265 ක් ලෙසයි. අද පස්වරුව වන විට ශ්‍රී ලංකා මහ බැංකුව ද අමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 269 යි ශත 99 ක් ලෙස දක්වා තිබුණා.

මේ අතර ඩොලර් අර්බුදයත් සමඟ උත්සන්න වී ඇති රටේ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීද අමාත්‍යවරුන්ගෙන් මාධ්‍යවදෙීන් ප්‍රශ්ණ කළා. මේ, සම කැබිනට් ප්‍රකාශකවරුන් වන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ ආණ්ඩුවේ සැලසුම් සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා.


මේ අතර මෙරට නිෂ්පාදිත සියලු මත්පැන් මිළ අද සිට ඉහළ දමා තිබෙනවා. ඒ අනුව අතිවිශේෂ ලේබලය යටතේ නිකුත් කරන මිලිලීටර් 750 ක මත්පැන් බෝතලයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 100කින්. 

මිලිලීටර් 375 ක භාග මත්පැන් බෝතලයක මිල රුපියල් 60කින් සහ මිලිලීටර් 180 කාල මත්පැන් බෝතලයක මිල රුපියල් 30කින් ඉහළ දමා තිබෙනවා. දේශීයව නිෂ්පාදිත සෑම බීර වර්ගයකම මිළ ද රුපියල් 10කින් ඉහළ නැංවීමටයි මත්පැන් නිෂ්පාදන සමාගම් තීරණය කර ඇත්තේ.