Friday, May 17, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයට මුදල් ඇමති වගකිව යුතු බවට හවුල්කාර පක්ෂවලින් චෝදනා




රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වගකිවයුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 මඟින් කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

රටේ ආර්ථිකය කඩා බිඳ දැමීම සඳහා මුදල් අමාත්‍යවරයා සැලසුම් සහගතව කටයුතු කරන බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙම මාධ්‍ය හමුවේදී චෝදනා කළේ.

මෙම මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර ද මුදල් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කළා.