Friday, May 17, 2024

General line - 0115112241

නිවසක් ගිනි තැබිමේ සිද්ධියට මාතර ප්‍රාදේශීය සභාපති අත්අඩංගුවට

ටී කේ මහින්ද




මාතර කැකනදුර ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීමේ සිද්දියක් සම්බන්ධයෙන් මාතර ප්‍රාදේශීය සභාවේ සභාපති විමල් ප්‍රියජනක සහ ඔහුගේ ඥාතීන් දෙදෙනෙකු පොලීසිය මඟින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. 

පෞද්ගලික ආරවුලක් මත ඉකුත් සඳුදා දින රාත්‍රියේ සැකකරුවන් විසින් එම ගිනි තැබීම සිදුකර ඇති බවටයි චෝදනා එල්ලවී ඇත්තේ. සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා සහ අනෙක් සැකකරුවන් දෙදෙනා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.