Friday, May 17, 2024

General line - 0115112241

කබ්රාල් මහ බැංකු අධිපතිධූරයෙන් ඉවත් නොකරන බව ජනපති කියයි




මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එම ධූරයෙන් ඉවත් වන ලෙස දන්වා ඇතැයි පළවන පුවත් සම්පූර්ණයෙන් අසත්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. 

මහ බැංකු අධිපතිවරයා කෙරෙහි සිය උපරිම විශ්වාසය ඇති අතර රට මුහුණ දෙන බරපතල ආර්ථික අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේදී ප්‍රබල ශක්තියක් ලෙස ඔහු ක්‍රියාකරන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. 

IMF දූත පිරිස, නිලධාරීන් ගැන සාකච්ඡා නොකළ බවත්, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ද සහභාගී වූ එම හමුවේදී සාකච්ඡාවට ලක්වූයේ මූල්‍ය ගැටලු පිළිබඳ පමණක් බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ. 

මෙවැනි අසත්‍ය සහ වයාජ වාර්තාවලින් අධෛර්්‍යයට පත්නොවන ලෙසත්, රටේ ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සියලු වැදගත් කාර්්‍යයන් අඛණ්ඩව ඉටුකරගෙන යන ලෙස තමන් මහ බැංකු අධිපතිවරයා වෙත පෞද්ගලිකව දන්වා ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.