Tuesday, May 21, 2024

General line - 0115112241

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණයක් : ගිවිසුමට අත්සන් තබයි




ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබාගැනීමට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අද පස්වරුවේ අත්සන් තැබුවා. ඒ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ දෙදින ඉන්දීය නිල සංචාරය අතරතුරයි.

එහිදී ඉන්දීය රජය වෙනුවෙන් එරට රාජ්‍ය බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්.ආටිගල ගිවිසුමට අත්සන් තැබූ බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. 

මෙලෙස ලබා ගැනීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරිඟු පිටි, සීනි, සහල් සහ අත්‍යවශ්‍ය ඖෂධ මිල දී ගැනීමට අපේක්ෂිතයි. 

මේ අතර විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ රට පත්ව ඇති ආර්ථික අර්බුදයට විසදුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය සඳහා යාම අවශ්‍ය බවයි. රට අනුගමනය කරන මූලික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ජාතික එකඟතාවකට පැමිණීම අත්‍යාවශ්‍ය බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. 

එහෙත් දිගින් දිගටම ණය ගැනීම සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මෙවන් අදහසක්.

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවක් ඊයේ මෙරටට ළගා වුණා. ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් එළඹෙන ඉරිදා පස්වරුවේ දිවයිනට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.