Tuesday, May 21, 2024

General line - 0115112241

අද පැය 05ක විදුලි කප්පාදුවක්




අද දිනයේ ද පැය 5 ක් විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව කොටස් දෙකක් යටතේ විදුලි කප්පාදුව සිදුකරනු ඇති. එහිදී A සිට L දක්වා කලාපවලට පැය 5 ක් විදුලිය කපා හැරෙනවා. ඒ, අවස්ථා දෙකකදී පැය 3 යි විනාඩි 20ක් සහ පැයයි විනාඩි 40 ක් වශයෙන්. 

එහිදී පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා පැය 3 යි විනාඩි 20ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි විනාඩි 40 ක් ද, විදුලිය කප්පාදු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ.

P සිට W දක්වා කලාපවලට අද දිනයේ පැය 3 යි විනාඩි 15 ක් විදුලිය කප්පාදු කරනු ඇති. එහිදී පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 2 ක් ද, පස්වරු 5.00 සිට රාත්‍රී 10.00 දක්වා පැයයි විනාඩි 15ක් ද විදුලිය කප්පාදු කරන බවයි ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ. මෙලෙස විදුපිය කපා හැරෙන්නේ විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම හේතුවෙන්.