Thursday, May 16, 2024

General line - 0115112241

යුද්ධය තෝරාගත් රුසියාවට අඟහරුත් නැති වෙයි




යුක්‍රේනයට එරෙහිව යුධ වැද සිටින රුසියාව සම්බන්ධයෙන් ලෝක ප්‍රජාවගේ අප්‍රසාදය දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. එහි එක් දිගුවක් ලෙස ආසන්නම විරෝධය එල්ලවී ඇත්තේ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සියෙන්. ඒ අනුව ඔවුන් දැන් තීරණය කර ඇත්තේ රුසියාව සමඟ එක්ව යුරෝපය සිදුකරන අඟහරු මෙහෙයුම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමටයි. 

රුසියාව විසින් මිනිස් ජීවිත ඉලක්ක කරගනමින් සිදුකරන ප්‍රහාර අභයවකාශයේ විද්‍යාත්මක ගවේශණයට ද බලපෑම් එල්ල කර ඇති බවයි යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ. රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම නතර කළද අඟහරු මෙහෙයුම් වැඩසටහන නාමිකව ක්‍රියාත්මක වන බව ඔවුන් පවසනවා.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය විසින් මෙවැනි තීරණයක් ගනු ලැබුවද නාසා හා යුරෝපා ගඟනගාමීන් පස් දෙනෙකු සමග රුසියානු ගඟනගාමීන් දෙදෙනෙකු මේ වන විටත්  ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිය මෙහෙයුම් සිදු කරමින් තිබෙනවා.

රුසියාවේ, යුක්‍රේන ආක්‍රමණය සිව්වන සතියටත් ඇදෙමින් ඇති අතර යුක්‍රේනයෙන් ඇසෙන වෙඩි හඬද තවමත් අවසන් වී නැහැ.