Friday, May 17, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡාවකට IMF සූදානම්




ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ගතහැකි සියලුම විකල්පයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බවයි.   

ශ්‍රී ලංකාව විශාල වශයෙන් ආර්ථික අභියෝග රැසකට මුහුණදී ඇති බවත්, සමාජයේ අවදානම් කොටස් ආරක්ෂා කර ගැනීම සඳහා ඉලක්කගත සමාජ ආරක්ෂන ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ඔහු පවසා තිබෙනවා. 

ඉකුත්දා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමඟ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඉකුත්දා සාකච්ඡා පැවැත්වුවා. ඉකුත් අඟහරුවාදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පැවසුවේ තාක්ෂණික සහයෝගය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යවරයාට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදුන් බවයි. එම සාකච්ඡා ලබන මාසයේදී ආරම්භ වීමට නියමිතයි.