Thursday, May 16, 2024

General line - 0115112241

තවත් ගෑස් නැවක් ගොඩබාන්න සූදානම් - සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොලට




අද දිනයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළඳපොලට නිකුත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. මෙරට කිලෝග්‍රැම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දෛනික අවශ්‍යතාව 80,000ක්. 

ලිට්‍රෝ සමාගමේ සභාපති තෙසර ජයසිංහ නෙත් නිවුස් වෙත පැවසුවේ මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා ඇති අනෙක් නෞකාවේ ඇති ගෑස් තොගද ගොඩබෑම සම්බන්ධයෙන් අද සාකච්ඡා කරන බවයි. එය සාර්ථක වීමෙන් පසු දින 03 ක් තුළ එම නෞකාවේ ඇති ගෑස් තොගය ද ගොඩබාන බවයි සභාපතිවරයා පැවසුවේ.

ඊයේ නිදහස් කරගත් ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක ප්‍රමාණය දින දෙකහමාරක සැපයුමට ප්‍රමාණවත් බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ අනුව ඉදිරියටත් දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයකට අධික ප්‍රමාණයක් සැපයීම අද සිට ආරම්භ කිරීමට හැකි වනු ඇති බවයි එම සමාගම පැවසුවේ. 

දින 12ක් පුරා ජාත්‍යන්තර මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ මෙම එක් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ දින 03 ක් වනවා. ඒ අනුව එක් නෞකාවකට අමෙරිකානු ඩොලර් 45,000 ක ප්‍රමාද ගාස්තු ගෙවීමට ශ්‍රී ලංකාවට සිදු වුණා.