Friday, May 17, 2024

General line - 0115112241

සති කිහිපයකට පසු වතුකරයට භූමිතෙල් එයි

රංජිත් රාජපක්ෂ




හැටන් කොටගල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට සති කිහිපයකට පසු අද දිනයේ භූමිතෙල් තොග ලැබී තිබෙනවා. ඒ අනුව භූමිතෙල් මිලදී ගැනීම සදහා විශාල පිරිසක් එම ඉන්ධන පිරවුම්හල අසළ දිගු පෝළිම්වල රැදී සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

එක් පාරිභෝගිකයෙකුට භූමිතෙල් ලීටර් 05 බැගින් එහිදී නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. හැටන් ප්‍රදේශයේ භූමිතෙල් අලෙවිකෙරෙන්නේ මෙම පිරවුම්හලේ පමණක් බැවින් විශාල පිරිසක් භූමිතෙල් මිළදී ගැනීමට පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළේ.