Friday, May 17, 2024

General line - 0115112241

ගෝලීය ඉන්ධන ඉල්ලුම අවම කිරීමට ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියෙන් යෝජනාවලියක්




රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම සහ ගෝලීයව පවතින අධික ඉල්ලුම හේතුවෙන් ඇතිව තිබෙන දෛනික ඛනිජ තෙල් ඉල්ලුම අවම කරලීම සඳහා ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය විසින් දස වැදෑරුම් යෝජනාවලියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම යෝජනාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරිමෙන් ඉදිරි මාස 04ක කාලය තුලදී දෛනික ගෝලීය ඛනිජ තෙල් ඉල්ලුම බැරල් මිලියන 2.7කින් අවම කර ගැනීමට හැකි බවයි එම ඒජන්සිය පවසන්නේ.

මේ වන විට දෛනිකව ගෝලීය ඛනිජ තෙල් අවශ්‍යතාවය බැරල් මිලියන 97ක් වුවත් නිෂ්පාදනය කරනු ලබන්නේ බැරල් මිලියන 88ක් බවයි දත්ත වාර්තා පෙන්නුම් කරන්නේ. මේ හේතුවෙන් ඛනිජ තෙල් සඳහා ගෝලීයව දැඩි ඉල්ලුමක් හටගෙන තිබෙනවා. මෙම අධික ඉල්ලුම සමනය කිරීම සඳහායි මෙම දස වැදෑරුම් යෝජනාවලිය සකස් කර ඇත්තේ. 

අධිවේගී මාර්ගවල වේග සීමා පැයට කිලෝමීටර් දහයකින් අඩු කිරීම, සතියකට දින තුනක් නිවසේ සිට වැඩකිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම, ඉරිදා දිනයන්හිදී සියලුම නගර වාහන වලින් තොර ප්‍රදේශ බවට ප්‍රකාශයට පත් කිරීම එම යෝජනා අතර වනවා. 

පොදු ප්‍රවාහන සේවාවල ගාස්තු පහල දැමීම, පා පැදි භාවිතය සහ පාගමනින් ගමන් කිරිම් දිරිගැන්වීම, පුද්ගලික වාහන භාවිතා කිරීමේ දී එය වෙනත් පුද්ගලයින් සමග බෙදාහදා ගෙන භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසීම වැනි කරුණුද එම යෝජනා අතරට අයත්.