Thursday, May 16, 2024

General line - 0115112241

ආණ්ඩු පක්ෂයේ සගයෝත් ඉම්රාන් හැර යති




පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවේ දී  පාලක  පීටීඅයි හෙවත් තරෙක් ඊ ඉන්සාෆ් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණනාවක් ද  ඔහුට විරුද්ධව ඡන්දදීමට සූදානම් වන බව වාර්තා වනවා. 

පකිස්ථාන විපක්ෂ මන්ත්‍රීවරැන් සියදෙනෙකුගේ අත්සනින් යුතුව අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් මාර්තු 8 වන දින එරට ජාතික සභා ලේකම් කාර්යාලය වෙත භාරදුන් අතර ඒ පිළිබද වන ඡන්ද විමසීම මාර්තු 28 වනදා පැවැත්වෙනු  ඇති  බව පැවසෙනවා.

මෙහිදී  අගමැතිවරයා‍ට විරැද්ධව ඡන්දය ලබාදෙන බවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැන් රැසක් ප්‍රකාශ කිරීම හේතුවෙන් මේ වන විට පකිස්තානයේ දේශපාලන වාතාවරණය තවත් උණුසුම් වී ඇති බව එර‍ට වාර්තාවල සදහන්.

මේ අතර , මෙම මන්ත්‍රීවරැන්ට එරෙහිව පියවර ගන්නා ලෙස අගමැති ඉම්රාන් ඛාන්, පකිස්ථානයේ ඉහළම මැතිවරණ ආයතනය වන  මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තාවනවා.  

කෙසේවෙතත්, එහිදී මැතිවරණ කොමිසම සදහන් කර ඇත්තේ , ඒ පිළිබඳව තීරණ ගැනීමට තමන්ට හැකියාවක්  ඇත්තේ ජාතික සභාවේ කථානායකවරයාගේ ප්‍රකාශකින් අනතුරැව  පමණක් බවයි.